ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ විමර්ශනවලදී, වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු වන චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) අවසර ලබා දුන්නා.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පුළුල් පරීක්ෂණවල තවත් පියවරක් ලෙස මෙම ප්‍රකාශය ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.














