ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
ඩොලර් මිලියන ගණනක ව්‍යාපෘතියකට අදාළව අල්ලස් ලබාගැනීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙම නඩුව පවරා ඇති බව වාර්තා වේ. අදාළ අධිචෝදනා පත්‍ර සැකකරු වෙත භාර දීමෙන් අනතුරුව නඩුව විභාගයට ගැනීමට නියමිතය. මීට පෙරද විවිධ දේශපාලන හා මූල්‍ය සිදුවීම් සම්බන්ධයෙන් මොහුගේ නම කියවුණු අතර, මෙම අධිචෝදනා ගොනු කිරීමත් සමඟ ඔහුට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි වී තිබේ.
මෙම නඩුව සම්බන්ධ ඉදිරි විභාගයන් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ පැවැත්වීමට නියමිතව ඇත.














