රතුගල ආදිවාසී පරපුරේ නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව පසුවූ ඒ මහතා මියයන විට පසුවූයේ 75 වැනි වියේය.
ශ්‍රී ලංකාවේ ආදිවාසී උරුමය සහ සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ නායකයෙකු ලෙස ඒ මහතා ගෞරවාදරයට පාත්‍ර විය. විශේෂයෙන්ම රතුගල ප්‍රදේශයේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ අනන්‍යතාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔහු ජීවිත කාලය පුරාම කැපවී කටයුතු කළේය. දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තන්ගේ අභාවය ආදිවාසී ප්‍රජාවට මෙන්ම සමස්ත දේශයටම පිරවිය නොහැකි පාඩුවකි.
ඔහුගේ අවසන් කටයුතු ආදිවාසී චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව රතුගලදී සිදුකිරීමට නියමිතව ඇත.














