කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේදී නිවසක ආරක්ෂක වැටක් ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි පුද්ගලයකු අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 2026 මැයි 05 වන දින උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ මාවිල්මඩ ප්‍රදේශයේම පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකි. සිය නිවසේ ඉදිරිපස වැට පිළිසකර කරමින් සිටියදී ඔහු භාවිතා කළ ග්‍රයින්ඩරයට ගෙල කැපී ඇති අතර, බරපතළ තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කටුගස්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














