අලෙවිකරණ ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ කටයුතු පහසු කිරීම සඳහා “CX Enterprise Coworker” නම් නව ඒජන්ටික් (Agentic) AI පද්ධතියක් හඳුන්වා දීමට Adobe සමාගම කටයුතු කර තිබේ. මෙම නව තාක්ෂණික මෙවලම පිළිබඳ තොරතුරු මෙසේය.
මෙම AI පද්ධතිය Adobe Experience Platform (AEP) සමඟ සෘජුව සම්බන්ධ වන අතර Real-Time CDP, Customer Journey Analytics සහ Journey Optimizer වැනි යෙදුම් සමඟ එක්ව ක්‍රියා කරයි. නියමිත ඉලක්ක මත පදනම්ව දත්ත නිරීක්ෂණය කරමින් මීළඟට ගත යුතු පියවර යෝජනා කිරීමට මෙන්ම සැලසුම් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම සහ ප්‍රශස්තකරණය දක්වා වූ සම්පූර්ණ වැඩදාමයන් (Workflows) මෙහෙයවීමට මෙයට හැකියාව ඇති අතර වැදගත් තීරණ ගැනීමේදී මානව මැදිහත්වීම සඳහා ද අවස්ථාව ලබා දෙයි. AWS, Anthropic, Google Cloud, Microsoft සහ OpenAI වැනි ප්‍රමුඛ පෙළේ AI වේදිකා සමඟ සම්බන්ධ විය හැකි පරිදි මෙය නිර්මාණය කර ඇති අතර Nvidia හි ආරක්ෂිත තාක්ෂණයන් ද මේ සඳහා යොදා ගනී.
insights සහ execution අතර පවතින පරතරය අවම කරමින් පාරිභෝගිකයන්ට වඩාත් සමීප අත්දැකීමක් ලබා දීම මෙහි අරමුණ බව Adobe සමාගම පවසයි. මෙම නව තාක්ෂණය ඉදිරි මාස කිහිපය ඇතුළත නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.














