ඉරානයේ නව උත්තරීතර නායකයා (Supreme Leader) හමුවීමෙන් අනතුරුව එරට ජනාධිපතිවරයා ප්‍රථම වරට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර තිබේ. පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නව උත්තරීතර නායකයාගේ අදහස් සහ ප්‍රතිචාර දැක්වූ ආකාරය ඉතා අවංක මෙන්ම නිහතමානී වූ බවයි.
එවැනි ඉහළ තනතුරක් දරන නායකයෙකු තවත් පුද්ගලයෙකුට සලකන ආකාරය සහ ඔහුගේ චර්යාවන් සැබවින්ම ආදර්ශමත් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම හමුව ඉරානයේ ඉදිරි දේශපාලන ගමන් මඟ තීරණය කිරීමේලා තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














