වියට්නාම් ජනාධිපතිවරයා සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු 209 දෙනෙකුගෙන් යුත් විශේෂ දූත පිරිසක් මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ඉන්දියාවේ මුම්බායි නුවර සිට ‘වියට්නාම් ගුවන් සේවයට’ (Vietnam Airlines) අයත් VN-1 දරන විශේෂ ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පැමිණි බව වාර්තා වේ.
මෙම දෙදින නිල සංචාරය තුළදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම, ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. විශාල දූත පිරිසක් සමඟ පැමිණි මෙම සංචාරය කලාපීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














