නවසීලන්ත කාන්තා ‘A’ ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගී වීම සඳහා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය. ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට ළඟා වූ අතර ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. මෙම සංචාරයේදී දෙරටේ ‘A’ කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මැයි 12 වනදා ආරම්භ වීමට නියමිත අතර විස්සයි විස්ස තරගාවලිය මැයි 21 වනදා ආරම්භ වනු ඇත. දෙරටේම ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට කදිම අවස්ථාවක් වන මෙම තරගාවලියේ සියලුම තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.














