පිටිගල පොලිස් වසමට අයත් හෝරංගල්ල ප්‍රදේශයේ නිවසකදී සිදු වූ දරුණු ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලැබීමේ පුවතක් වාර්තා වේ. පසුගිය 06 වනදා රාත්‍රී කාලයේදී පුද්ගලයන් තිදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු විසින් අනෙක් දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත. මෙම ඝාතනය සිදු කළ බවට සැකකෙරෙන පුද්ගලයා ද තුවාල ලබා සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු මේ වන විට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














