තිස්සමහාරාම පොලිස් වසමට අයත් ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක් තුළදී වයෝවෘද්ධ කාන්තාවක තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 88 හැවිරිදි මාතාවක වන අතර ඇයගේ සිරුරේ කැපුම් තුවාල රැසක් දක්නට ලැබෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඊයේ (07) රාත්‍රී කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බවට සැක කෙරෙන නමුත් එය සිදුකළ පුද්ගලයන් හෝ ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා දැනට සිද්ධිය වූ ස්ථානයේම තබා ඇති අතර සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා තිස්සමහාරාම පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.














