ජාඇල ප්‍රදේශයේ සිට මාදම්පේ දක්වා කාර් රථයකින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කරන බවට හලාවත කොට්ඨාස දූෂණ මර්ධන අංශයට ලද තොරතුරකට අනුව ඊයේ (07) රාත්‍රී කාලයේදී සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාදම්පේ පොලිස් වසමේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී අදාළ කාර් රථයේ තිබූ මත්පැන් තොගයකින් කොටසක් ත්‍රීරෝද රථයකට ලබාදෙමින් සිටි අවස්ථාවේදී මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී කාර් රථය හා ත්‍රීරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත. පොලිසිය විසින් සිදුකළ පරීක්ෂාවේදී කාර් රථය තුළ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 300ක් (බෝතල් 400ක්) සහ ත්‍රීරෝද රථය තුළ තිබී තවත් මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) සොයා ගැනීමට සමත් වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 46 සහ 58 යන වයස්වල පසුවන ලුනුවිල සහ මාදම්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මාදම්පේ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














