හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දංකොටුව පොලිස් වසමේ සෙන්දිරිගොමුල්ල ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (07) දහවල් කාලයේදී සිදු කළ මෙම වැටලීමේදී මත්පැන් ලීටර් 75ක් හෙවත් බෝතල් 100කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන යෝගියාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. සැකකරු සහ මත්පැන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා දංකොටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර එම පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.














