කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 23,000 සීමාව යළිත් වරක් පසුකර යාමට අද (08) සමත් විය. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් 2026 මාර්තු 03 වන දින ඒකක 1,290 ක දරුණු කඩා වැටීමකට ලක්වීමෙන් පසු, මෙම සීමාව අතික්‍රමණය කළ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.
අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 66.12 ක ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඒකක 23,063.98 ක් ලෙස සටහන් විය. එසේම S&P SL20 දර්ශකය ද ඒකක 26.98 කින් ඉහළ ගොස් ඒකක 6,319.24 ක් දක්වා වර්ධනය වී තිබේ. දිනය තුළ වාර්තා වූ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 4.09 කි.














