පොල්ගහවෙල සහ වලකුඹුර දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ තෙල් ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
පීලි පැනීමට ලක්වූ දුම්රිය මාර්ගයෙන් ඉවත් කර යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය බලධාරීන් මේ වන විට පියවර ගනිමින් සිටින අතර, ඒ දක්වා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දන්වා සිටියි.















