ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කැපවන ශ්‍රමිකයන්ට ආශීර්වාද කිරීම සඳහා සංවිධානය කරනු ලබන “ජාතික නැවුම් තේ මංගල්‍යය – 2026″ මෙවර මැයි 31 වන දින පෙරවරු 9.00 ට මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මෙන්ම තේ මණ්ඩලයේ සභාපති සහ තේ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ උත්සවය පැවැත්වේ.
තේ නිෂ්පාදනය කෙරෙන කලාප 07 ක වාර්ෂිකව මෙම මංගල්‍යය පවත්වනු ලබන අතර, මෙවර එහි ජාතික උත්සවය ලෙස මහනුවරදී පැවැත්වෙන මෙම වැඩසටහනට මහනුවර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල තේ කර්මාන්තයේ නියැලී සිටින පිරිස් සහභාගී වීමට නියමිතය.














