උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 320ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම 2026 මැයි මස 09 වන දින සවස උයිලංකුලම පොලිස් වසමට අයත් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා උයිලංකුලම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
පොලිසිය පවසන පරිදි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 49ක් වන වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් උයිලංකුලම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.














