තමිල්නාඩු දේශපාලනයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, සුපිරි නළු තලපති විජෙයි අද (10) තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. සිය දේශපාලන පක්ෂය වන ‘තමිළග වැට්රි කසාගම්’ (TVK) හරහා මැතිවරණ ජයග්‍රහණය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔහු මෙම ධූරයේ වැඩකටයුතු ආරම්භ කරයි.
සිනමා ජීවිතයෙන් සමුගෙන පූර්ණකාලීන දේශපාලනයට අවතීර්ණ වූ විජෙයිගේ මෙම පදවි ප්‍රාප්තිය සැමරීම සඳහා චෙන්නායි නුවර ඇතුළු තමිල්නාඩුව පුරා උත්සවශ්‍රීයක් ගෙන ඇති අතර, ඔහුගේ අතිවිශාල රසික පිරිස සහ පාක්ෂිකයින් මෙම අවස්ථාව උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සූදානම්ව සිටිති.














