මීගමුව පොලිස් වසමට අයත් දළුපොත ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් මැඩපැවැත්වීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. ඊයේ දින සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි මත්පැන් ලීටර් 75ක්, එනම් බෝතල් 100කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. මෙම මත්පැන් තොගය සමඟ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටින අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














