පුරාවස්තු බවට සැකකළ හැකි බුද්ධ ප්‍රතිමාවක් රහසිගතව අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ මෙම වැටලීමෙන් පසු සැකකරුවන් සන්තකයේ තිබූ බුද්ධ ප්‍රතිමාව ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳ තොරතුරු විමසා බැලීමේදී ඔවුන් අවුරුදු 50 සහ 56 යන වයස්වල පසුවන පුද්ගලයන් බව අනාවරණය වී තිබේ. මොවුන් පැල්ගහතැන්න සහ පස්සර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, අදාළ බුද්ධ ප්‍රතිමාව අලෙවි කිරීම සඳහා මහනුවර නගරයට පැමිණ සිටියදී මෙලෙස කොටු කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් බුද්ධ ප්‍රතිමාව පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ද යන්න තහවුරු කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














