පවතින වර්ෂාපතනයත් සමඟ රජාංගනය ජලාශයේ වාන් දොරටු 30න් 4ක් මේ වන විට විවෘත කර ඇති අතර, ඒ හරහා තත්පරයට ඝන අඩි 2,613ක ජල ධාරිතාවක් කලාඔයට මුදා හැරේ. මීට අමතරව අංගමුව ජලාශයේ ද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 643ක ජල ප්‍රමාණයක් කලාඔයට එක්වන බව වාර්තා වේ. මේ හේතුවෙන් කලාඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව බලධාරීහු දැනුම් දෙති.














