කොළඹ වරාය නගරයේදී පැවැති ෆින්ටෙක් ලෝක කුසලාන (FinTech World Cup) කලාපීය තරඟාවලියේ සම ජයග්‍රාහකයින් ලෙස ඉන්දියාවේ ‘RealX’ ආයතනය සහ ශ්‍රී ලංකාවේ ‘NanoSoft Global’ ආයතනය තේරී පත්වී ඇත. ශ්‍රී ලංකා ෆින්ටෙක් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය හරහා ජයග්‍රාහී ආයතනවලට ඩුබායි හි පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවේ. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඩිජිටල් ආයෝජන වේදිකාවක් වන RealX සහ සමුපකාර මූල්‍ය ආයතන සඳහා ඩිජිටල් බැංකු පද්ධති සපයන NanoSoft Global මෙලෙස ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලයක ඇගයීමට ලක්විය. මෙම ජයග්‍රාහකයින් සහභාගී වන ගෝලීය අවසන් මහා තරඟය එළඹෙන නොවැම්බර් 2-3 දිනවල ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය.














