කාන්තාවන්ට පමණක් වෙන්වූ සුවිශේෂී වෙරළ තීරයක් විවෘත කිරීමට ඩුබායි බලධාරීන් පියවර ගෙන තිබේ. කාන්තාවන් සඳහා පමණක් වෙන්වූ ආරක්ෂිත ස්ථානයක් ලෙස ලොව ඉදිකෙරුණු පළමු වෙරළ තීරය ලෙස ද මෙය සැලකේ.
ව්‍යාපෘතිය සඳහා පවුම් මිලියන 100ක පමණ මුදලක් වැය කර ඇති අතර, කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව උපරිමයෙන් සහතික කරමින් මෙය නිර්මාණය කර ඇත. වෙරළ තීරය සතියේ දින හතේම පැය 24 පුරා විවෘතව පවතින අතර, රාත්‍රී කාලයේ පිහිනීම සඳහා අවශ්‍ය ආලෝක පහසුකම් ද සලසා තිබේ.ආරක්ෂාව සහ පහසුකම් සඳහා AI (කෘතිම බුද්ධිය) තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන නිරීක්ෂණ පද්ධතියක් මෙන්ම ළමා ක්‍රීඩා පිටියක් ද මෙහි අන්තර්ගතය. සුවිශේෂී කරුණක් වන්නේ මෙහි සේවය සඳහා යොදවා ඇත්තේ ද කාන්තා සේවිකාවන් පමණක් වීමයි.
බ්‍රිතාන්‍ය සංචාරකයින් මූලික කර ගනිමින් මෙම ස්ථානය නිර්මාණය කර ඇති බැවින්, ඉදිරියේදී වැඩි බ්‍රිතාන්‍ය සංචාරකයින් පිරිසක් ඩුබායි වෙත ආකර්ෂණය වනු ඇති බවට බලධාරීන් අපේක්ෂා කරයි.














