මල්වාන ප්‍රදේශයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින ඉඩමක විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් රැඳී සිටීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය විය. මේ හා සමගාමීව සිසුවියකගේ දර්ශන ඇතුළත් වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ජාල තුළ වේගයෙන් සංසරණය වන්නට විය.
එම වයිරල් වූ වීඩියෝව සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කරුණු පැහැදිලි කර තිබේ. ඇය අවධාරණය කර සිටින්නේ දැනට ප්‍රචාරය වන එම වීඩියෝව මල්වාන ප්‍රදේශයේදී ලබාගත් එකක් නොවන බවයි. අදාළ සිදුවීමට තමාව සම්බන්ධ කරමින් සිදුකරන මෙම අසත්‍ය ප්‍රචාරයන් හරහා මහජනතාව නොමග නොයවන ලෙසත්, සත්‍ය තොරතුරු විමසා බලා කටයුතු කරන ලෙසත් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියි.














