2012 සහ 2013 වසරවල පැවැති ‘දැයට කිරුළ’ ජාතික ප්‍රදර්ශන වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 700කට ආසන්න රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම පියවර ගෙන ඇත්තේ ‘අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් 2026 ජනවාරි 12 වන දින ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුවය.
අදාළ ප්‍රදර්ශන පැවැත්වීමේදී සිදුවූ බව කියන මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මීට පෙරද විමර්ශන පැවති අතර, නවතම තොරතුරු හා සාක්ෂි මත පදනම්ව මෙම පරීක්ෂණ යළි වේගවත් කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය ප්‍රතිපාදන පෞද්ගලික පරිභෝජනයට හෝ දේශපාලන කටයුතු සඳහා යොදා ගත්තේ ද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත. මෙම විමර්ශනයට අදාළව ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන් කොමිසම හමුවට කැඳවීමට නියමිත බව ද වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.














