ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, භූමියේ ස්වෛරීභාවය සහ අනාගත පරපුරේ නිදහස වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කළ වීරෝදාර රණවිරුවන් ඇතුළු ඛේදජනක ලෙස රටට අහිමි වී ගිය සියලුම මානව ජීවිත අපට කිසිසේත්ම අමතක කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අතීතයේ අප මුහුණ දුන් ඒ බියකරු යුද සමයේ දරුණු වේදනාවන් සහ මතකයන් හදවතේ තබා ගනිමින්, නැවත එවන් විනාශකාරී යුගයක් මෙරට තුළ ඇති වීමට ඉඩ නොතැබිය යුතු බව ඔහු අවධාරණය කරයි. ඒ අනුව, සියලු ජාතීන් අතර අන්‍යෝන්‍ය ගෞරවය, ස්ථාවරත්වය සහ තිරසාර සාමයෙන් පිරිපුන් සැබෑ වාසනාවන්ත හෙට දිනක් මව්බිම තුළ ගොඩනැඟීම උදෙසා බෙදීම්වලින් තොරව එකලෙස කැපවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම පරම යුතුකම බව ද විපක්ෂ නායකවරයා සිය නිල ෆේස්බුක් (Facebook) ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර සිටී.














