මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වූ දා සිට මේ දක්වා කාලය තුළ, එම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන ගිය සැකකරුවන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හැටන් කොට්ඨාසයේ හැටන්, පොල්පිටිය, ගිණිගත්හේන සහ නල්ලතන්නිය යන පොලිස් ස්ථාන ඒකාබද්ධව සිදුකළ වැටලීම් 336කදී මෙම පිරිස කොටු කරගෙන ඇත.
එම වැටලීම්වලදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්, අයිස්, ගංජා, හෑෂ්, කුෂ්, මාවා, මදන මෝදක සහ විවිධ වර්ගයේ තහනම් මත්පෙති තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් විසි ලක්ෂ හැට පන් දහසක (රු. 2,065,000) දඩ මුදලක් අයකර ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.














