පේරු රාජ්‍යයේ ජුනි 07 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දෙවන වටයේදී (Runoff Election) දක්ෂිණාංශික අපේක්ෂක කයිකෝ ෆුජිමොරි (Keiko Fujimori) සහ වාමාංශික අපේක්ෂක රොබර්ටෝ සැන්චෙස් (Roberto Sanchez) අතර පවතින තරඟයෙන් ෆුජිමොරි සුළු පෙරමුණක් ලබාගෙන ඇති බව අලුත්ම ‘ඉප්සෝස් පේරු’ (Ipsos Peru) මත විමසුමකින් හෙළි වී තිබේ.
මෙම මත විමසුමට අනුව, ෆුජිමොරි 39%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගනු ඇතැයි අපේක්ෂා කරන අතර සැන්චෙස් 35%ක ප්‍රතිශතයක් ලබාගනු ඇතැයි පුරෝකථනය කෙරේ. මීට පෙර අප්‍රේල් මස අගදී පැවති මත විමසුමකදී දෙදෙනාම 38% බැගින් ලබා ගනිමින් සම තත්ත්වයක පසුවීම විශේෂත්වයකි.
අප්‍රේල් 12 දින පැවති පළමු වටයේ ඡන්ද විමසීමෙන් 17%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ෆුජිමොරි ජයග්‍රහණය කළ අතර, සිරගතව සිටින හිටපු ජනාධිපති පේද්‍රෝ කැස්ටිලෝගේ සගයෙකු වන රොබර්ටෝ සැන්චෙස් 12%ක ඡන්ද ප්‍රතිශතයකින් දෙවන වටයට සුදුසුකම් ලැබීය. කෙසේ වෙතත්, තවමත් 26%ක පිරිසක් කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය නොදෙන බව හෝ හිස් ඡන්ද පත්‍රිකාවක් ලබාදෙන බව ප්‍රකාශ කර ඇති අතර, මැයි 31 දා පැවැත්වෙන අපේක්ෂක විවාදය ජයග්‍රාහකයා තීරණය කිරීමේදී තීරණාත්මක වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














