සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME) ශක්තිමත් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන අඩු පොලී සහන ණය වැඩසටහන යටතේ, ජූනි මාසය දක්වා වෙන් කර තිබූ “SME PLUS” ණය ක්‍රමයේ රුපියල් බිලියන 25ක ප්‍රතිපාදන මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා සහනදායි ණය යෝජනා ක්‍රම සහ විකල්ප මූල්‍ය පහසුකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම ණය වැඩසටහන සඳහා ව්‍යවසායකයන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇති බවත්, ජූනි මස දක්වා වෙන් කර තිබූ සියලුම ප්‍රතිපාදන ඉතා කෙටි කලක් තුළ භාවිතා කර අවසන් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් සමස්තයක් ලෙස රුපියල් බිලියන 95කට අධික මුදලක් වෙන් කර තිබේ. මෙම ණය පහසුකම් ප්‍රධාන වශයෙන් ප්‍රතිමූල්‍ය ණය (Refinance Loans) සහ පොලී සහනාධාර (Interest Subsidy) යන ක්‍රමවේද දෙක ඔස්සේ ලබාගත හැකිය.
SME PLUS ණය ක්‍රමය යටතේ එක් ව්‍යවසාය ආයතනයකට රුපියල් මිලියන 25ක (ලක්ෂ 250ක්) උපරිම සීමාවකට යටත්ව ණය ලබාගත හැකි අතර, එහි පොලී අනුපාතිකය 5%ක් වැනි අඩු මට්ටමක පවතී. වසරක සහන කාලයක් (Grace period) සමඟ වසර 10ක කාලයකදී මෙම ණය මුදල ආපසු ගෙවීමට අවස්ථාව හිමි වේ.
මේ වන විට බොහෝ ණය ක්‍රම ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුළු බැංකු 15කට වැඩි සංඛ්‍යාවක් හරහා ක්‍රියාත්මක වේ. ව්‍යවසායකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා බොහොමයක් මූල්‍ය කටයුතු මේ වන විටත් මාර්ගගත (Online) ක්‍රමවේද හරහා සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.













