පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රමුඛ පෙළේ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ වන විට ඔස්ට්‍රේලියාවේ විශේෂ සංචාරයක නිරත වෙමින් එරට ප්‍රධාන පෙළේ දේශපාලන නියෝජිතයින් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්ව තිබේ. මෙම සංචාරය අතරතුර ඔහු වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී එවන් මුල්හෝලන්ඩ් (Evan Mulholland) සහ බටහිර වික්ටෝරියා කලාපයේ විපක්ෂ නායිකාවක මෙන්ම වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ද වන බෙවර්ලි මැක්ආතර් (Beverley McArthur) යන මහත්ම මහත්මීන් සමඟ සුවිශේෂී සාකච්ඡා කිහිපයකටම සක්‍රීයව දායක විය. එහිදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා ඔස්ට්‍රේලියානු රජය සහ එරට දේශපාලන නායකත්වය ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාව වෙනුවෙන් දිලිත් ජයවීර මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිය කෘතඥතාව සහ ස්තුතිය පළ කළේය.














