පසුගිය දින කිහිපය පුරා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණ ද, අද (22) දින අන්තර් බැංකු ගනුදෙනු අවසානයේදී මෙරට වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340 සීමාවෙන් පහළට පැමිණ තිබේ. ඊයේ (21) දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 354ක් දක්වා ඉහළ ගොස් තිබුණේ ඊට පෙර දිනයට සාපේක්ෂව රුපියල් 12ක විශාල වැඩිවීමක් පෙන්වමිනි.
කෙසේ වෙතත්, අද පස්වරුව වන විට මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ රුපියල් 336.49ක්, ලංකා බැංකුවේ රුපියල් 336.50ක්, මහජන බැංකුවේ රුපියල් 338.86ක්, හැටන් නැෂනල් බැංකුවේ රුපියල් 340.00ක්, සම්පත් බැංකුවේ රුපියල් 340.50ක් සහ කොමර්ෂල් බැංකුවේ රුපියල් 342.50ක් ලෙසිනි. මේ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී රුපියලේ අගය යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














