ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක කෙටුම්පත (Player Draft) පැවැත්වීමට පෙර, කණ්ඩායම් විසින් සිය සංචිත සඳහා කලින් ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් 14 දෙනෙකු නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දඹුල්ල සික්සර්ස් (Dambulla Sixers) කණ්ඩායම විසින් සහිබ්සාදා ෆර්හාන්, දිනේෂ් චන්දිමාල්, රීසා හෙන්ඩ්‍රික්ස් සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින් තෝරාගෙන තිබෙනවා.
ක,න්ඩි රෝයල්ස් (Kandy Royals) කණ්ඩායම විසින් වනිඳු හසරංග, මොයින් අලි සහ ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයින් සිය කණ්ඩායමට එක් කරගෙන තිබෙනවා.
ගාල්ල ගැලන්ට්ස් (Galle Gallants) කණ්ඩායම විසින් දසුන් ශානක සහ ඊෂන් මාලිංග යන ක්‍රීඩකයින් නම් කර තිබෙනවා.
යාපනය කිංග්ස් (Jaffna Kings) කණ්ඩායම සඳහා දුනිත් වෙල්ලාලගේ, භානුක රාජපක්ෂ සහ ශකීබ් අල් හසන් යන ක්‍රීඩකයින් ගිවිසුම්ගත වී තිබෙනවා.
කොළඹ කැප්ස් (Colombo Kaps) කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයින් තෝරාගෙන තිබෙනවා.
ඉතිරි ක්‍රීඩකයින් පිරිස ඉදිරියේදී පැවැත්වෙන LPL 2026 ක්‍රීඩක කෙටුම්පත හරහා තෝරා ගැනීමට නියමිතයි.














