උගන්ඩා රාජ්‍යයෙන් තවත් නව එබෝලා රෝගීන් තිදෙනෙකු (03) නිල වශයෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සෙනසුරාදා (අද) තහවුරු කළේය. මෙම නව රෝගීන් වාර්තා වීමත් සමඟ උගන්ඩාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත එබෝලා රෝගීන් සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිල ප්‍රකාශනයට අනුව, අලුතින් හඳුනාගත් රෝගීන් අතර එරටින් වාර්තා වූ පළමු එබෝලා රෝගියාව ප්‍රවාහනය කිරීමට උදව් වූ උගන්ඩා ජාතික රියදුරෙකු සහ එම රෝගියාට ප්‍රතිකාර කිරීමේදී වෛරසයට නිරාවරණය වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරියෙකු ද වෙති. හඳුනාගත් අනෙක් ආසාදිතයා කොංගෝ ජාතික කාන්තාවකි. වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ආසාදිතයන් ඇසුරු කළ සමීපතයන් සොයා උගන්ඩා සෞඛ්‍ය බලධාරීන් මේ වන විට විශේෂ විමර්ශන සහ නිරෝධායන කටයුතු ආරම්භ කර ඇත.














