තිරුක්කෝවිල්, වට්ටමඩු ප්‍රදේශයේදී වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී තිබේ. පොලිසිය පවසන පරිදි, මියගිය පුද්ගලයා ගවයින් සඳහා තණකොළ කපමින් සිටියදී මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත. මියගොස් ඇත්තේ වූනාවක්කාඩු ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් තිරුක්කෝවිල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර, මෘත ශරීරය මේ වන විට තිරුක්කෝවිල් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.














