ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කෙරුණු “කැක්කුම Sri Lanka – Mingle with Dilith” විශේෂ හමුව පසුගියදා මෙල්බර්න් හී Acacia Campus Theatre ශාලාවේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. සර්වජන බලය සහ Melbourne Solidarity යන ආයතන එක්ව සංවිධානය කළ මෙම අවස්ථාව සඳහා මෙල්බර්න්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගි වූ අතර, එහිදී දිලිත් ජයවීර මහතාට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමි විය.
මව්බිමෙන් බොහෝ දුර බැහැර ජීවත් වුවද, තම රට පිළිබඳව දැඩි ආදරයකින් සහ කැක්කුමකින් පසු වන ශ්‍රී ලාංකිකයින් සමඟ මෙරට වත්මන් දේශපාලන සහ ආර්ථික වාතාවරණය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කෙරුණා. විශේෂයෙන්ම ඉදිරියේදී මව්බිම තුළ ගොඩනැගිය යුතු ව්‍යවසායකත්ව රාජ්‍යයක් සහ රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු විය. තම රට වෙනුවෙන් යමක් කිරීමට ශ්‍රී ලාංකිකයින් තුළ පවතින උනන්දුව සහ කැපවීම මෙම අවස්ථාවේදී මනාව විදහා දැක්වූ අතර, මව්බිමේ අනාගත දියුණුව වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබා දීමට මෙල්බර්න් ශ්‍රී ලාංකික ප්‍රජාව සිය එකඟතාවය පළ කර තිබෙනවා.














