පාකිස්තානයේ ක්වෙටා (Quetta) නුවර දුම්රිය මාර්ගයක සිදුවූ ප්‍රබල බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමට ලක්ව ඇති අතර, පිපිරීමෙන් අනතුරුව එම ස්ථානයේ වෙඩි තැබීමක් ද සිදුව තිබේ. මෙම බිහිසුණු ප්‍රහාරයෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ ප්‍රහාරයට වගකිව යුතු පාර්ශ්වයන් පිළිබඳව පාකිස්තාන බලධාරීන් පරීක්ෂණ පවත්වයි.















