පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වත්මන් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග සහ දේශපාලන ප්‍රකාශ දැඩි ලෙස විවේචනය කළේය.
ඔහු එහිදී අවධාරණය කළේ, මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට කිසිදු අයිතියක් රජයේ සිටින නිලධාරීන්ට හෝ පාර්ශ්වයන්ට නොමැති බවයි. “ඡන්දය තියන්න හෝ නැති කරන්න තීරණය කරන්නේ කවුද? ඔවුන් රජයේ දරන නිල තනතුරු මොනවාද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
එමෙන්ම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂවල ලේකම්වරුන් විසින් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව ද ඔහු සිය විරෝධය පළ කළේය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඔවුන්ට ඇති හැකියාව පිළිබඳව ගැටලු මතුව ඇති බවත්, පක්ෂ ලේකම්වරුන් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම බරපතළ කාරණයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තවද, යාපනය ප්‍රදේශයේ සංචාරය කළ අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා, එම ගමන මාලිමාවේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමට නොව, ජනතා විමුක්ති පෙරමුණේ (ජේ.වී.පී) පක්ෂ කාර්යාලයක් විවෘත කිරීම සඳහා බවත් පෙන්වා දුන්නේය.














