ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන පස්වන සහ හයවන සමාලෝචන ඇගයීම අද (27) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සිදුකිරීමට නියමිතය.මෙම සමාලෝචනය හරහා ශ්‍රී ලංකාවට අමෙරිකා ඩොලර් මිලියන 700ක පමණ මූල්‍ය ආධාරයක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ.විදුලි සහ ඉන්ධන මිල ප්‍රතිස්ථාපනය කිරීම, පිරිවැය ආවරණය වන පරිදි පවත්වා ගැනීම සහ අවදානයට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කිරීම මෙම ඇගයීමේදී ඉතා තීරණාත්මක සාධක වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
මෙම අනුමැතිය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙලෙහි වැදගත් පියවරක් ලෙස සැලකේ.













