අම්පාර සහ කොස්ගොඩ යන ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
අම්පාර ට්‍රැක්ටර් හන්දිය අසලදී ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. බුද්ධංගල දෙස සිට ධාවනය වූ ටිපර් රථය, බාලිකා වටරවුම දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයේ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු (වයස අවුරුදු 23 සහ 24) ජීවිතක්ෂයට පත්විය. තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු ඉන් එක් අයෙකු මියගොස් ඇති බවද වාර්තා වේ. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ යාලේගම හන්දිය ආසන්නයේදී පදිකයෙකු හඳුනා නොගත් රථයක ගැටී අනතුරට ලක්ව ඇත. බරපතළ තුවාල ලැබූ පදිකයා බලපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි අතර, මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. අනතුර සිදුකළ රථය පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලිසිය විමර්ශන අරඹා ඇත.














