මඩකලපුව නගරයේ පිහිටි හෝටලයක කාමරයක් තුළ තිබූ මෙට්ටයක් ගිනිගැනීමෙන් පිටවූ අධික දුම ආශ්වාස වීම හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 03ක පිරිමි දරුවෙකු සහ වයස අවුරුදු 05ක ගැහැණු දරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.














