රටේ සෑම ක්ෂේත්‍රයකම දියුණුව උදෙසා මාධ්‍ය මගින් ඉටු කරනු ලබන වගකීම සුවිශේෂී බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සිය 47 වන සංවත්සරය සමරමින් සංවිධානය කළ ‘අයි ටී එන් ශ්‍රමාභිනන්දන සේවා ප්‍රසාදිනී’ ගෞරව සම්මාන උළෙලට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙරට පළමු රූපවාහිනී නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනිය දශක හතරකට වැඩි කාලයක් පුරා ප්‍රේක්ෂකයාට ගුණාත්මක සහ හරවත් මාධ්‍ය අත්දැකීමක් ලබා දුන් බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී පැවති මෙම උත්සවයේදී එම මාධ්‍ය ජාලයේ උන්නතිය වෙනුවෙන් වසර 30කට අධික කාලයක් කැපවූ සේවක මණ්ඩලය ඇගයීමට ලක් කෙරිණි.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා ඇතුළු කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී, ජ්‍යෙෂ්ඨ සේවකයින් වෙත මූල්‍යමය පරිත්‍යාග සහ සමරු ඵලක පිරිනැමීම සිදු කෙරිණි.














