පොලිස්පතිවරයාගේ නම සහ ව්‍යාජ අත්සනක් භාවිතා කරමින් ක්‍රියාත්මක වන සයිබර් තර්ජන සහ කප්පම් ලබා ගැනීමේ විද්‍යුත් තැපැල් (Email) ජාලයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම වංචනික ක්‍රියාව මගින් ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිනාමයට සහ මහජන විශ්වාසයට හානියක් සිදුවිය හැකි බැවින්, මෙවැනි තර්ජනාත්මක හෝ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් එවන ලද සැකකටයුතු ඊමේල් පණිවිඩයක් සම්බන්ධයෙන් මහජනතාව පහත කරුණු පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන්න.
එම පණිවිඩවලට පිළිතුරු සැපයීමෙන් හෝ ඔවුන් ඉල්ලා සිටින කිසිදු මුදලක් ගෙවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්න.
ඊමේල් පණිවිඩවල ඇති සබැඳි (Links) මත ක්ලික් කිරීම හෝ ඒවාට පිවිසීමෙන් වළකින්න.
මෙවැනි අපරාධයක් හෝ ඒ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට, ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට හෝ පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම් දෙන්න.
මෙම වංචනිකයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටින අතර, මහජනතාව ලෙස වඩාත් විමසිල්ලෙන් කටයුතු කරන ලෙස පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.














