වෙසක් පොහොය දිනය ඉලක්ක කරගනිමින් බත් දන්සල් සංවිධානය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිස් මේ වන විට දැඩි ආර්ථික අසීරුතාවකට මුහුණ දී සිටින බව වාර්තා වනවා. වෙළෙඳපොළ තුළ එළවළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබීම ඊට ප්‍රධාන හේතුව වී තිබෙනවා. තොග වෙළෙඳපොළ මිල ගණන් හා සැසඳීමේදී සිල්ලර වෙළෙඳපොළේ එළවළු මිල 30%ත් 50%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද, දන්සල් පවත්වන පිරිස් මූල්‍යමය වශයෙන් සීමාසහිත වීම හේතුවෙන් මේ වසරේ දන්සල්වල දී දැකිය හැකි වන්නේ සීමිත එළවළු වර්ග පමණක් බවයි පැවසෙන්නේ. වට්ටක්කා, ගෝවා සහ කැකිරි වැනි එළවළු වර්ගවල තොග මිල රුපියල් 100කට අඩු මට්ටමක පැවතියද, අනෙකුත් අත්‍යවශ්‍ය එළවළු වර්ගවල මිල ඉහළ යෑම දන්සල් සංවිධානය කිරීමට විශාල බාධාවක් වී තිබෙනවා.














