දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට අදාළව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ. මෙම අනතුරු ඇඟවීම අද (28) පස්වරු 4.00 සිට හෙට (29) පස්වරු 4.00 දක්වා බලාත්මක වේ.
අදියර දෙක (කහ පැහැය – අවධානයෙන් සිටීම) යටතේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අදියර එක (කහ පැහැය – විමසිලිමත්වීම) යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට, යටියන්තොට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, පැල්මඩුල්ල, කලවාන, කිරිඇල්ල සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පොළොව ගිලා බැසීම් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.
















