යුරෝපා සංගමයේ SAFE (Supporting Ammunition Production Act) ආරක්ෂක මූල්‍ය වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 27.41ක් (සොලොටි බිලියන 100ක්) වටිනා යුධ උපකරණ මිලදී ගැනීමේ ගිවිසුම් මේ මස අවසානයට පෙර අත්සන් කිරීමට පෝලන්තය කටයුතු යොදා ඇති බව අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් මහතා පවසයි.
යුරෝපා සංගමයේ නීතිරීතිවලට අනුව, SAFE අරමුදල්වලින් ප්‍රයෝජන ගැනීම සඳහා රටක් මැයි මාසය අවසන් වීමට පෙර මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කළ යුතුය. එම දිනයෙන් පසු, මිලදී ගැනීම් අවම වශයෙන් සහභාගී වන රටවල් දෙකක් හරහා සිදු කළ යුතු වේ.
පෝලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මැයි මස අවසානය වන විට ගිවිසුම් 40ක් පමණ හරහා මෙම සොලොටි බිලියන 100 ආයෝජනය කෙරෙන බවයි. මෙහි ප්‍රතිලාභ පෝලන්ත සමාගම් 10,000කට වැඩි සංඛ්‍යාවකට හිමිවනු ඇත.
යුරෝපා සංගමයේ යුරෝ බිලියන 150ක SAFE මුලපිරීමේ විශාලතම ප්‍රතිලාභියා පෝලන්තයයි. සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8%ක් 2026 වසරේදී ආරක්ෂක කටයුතු සඳහා වියදම් කිරීමට පෝලන්තය සැලසුම් කර ඇති අතර, ඒ අනුව යුරෝපයේ වැඩිම ආරක්ෂක වියදමක් දරන රට බවට පෝලන්තය පත්ව ඇත.
මෙම අරමුදල් හරහා ටැංකි, කාලතුවක්කු සහ ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු ප්‍රධාන යුධ උපකරණ ඇණවුම් කිරීමටත්, විදේශීය නිෂ්පාදකයින් සමඟ එක්ව දේශීය නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමටත් පෝලන්තය කටයුතු කරයි.














