ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති රවී නිශ්ශංක මහතා පෞද්ගලික හේතූන් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව හිතවතුන් වෙත පණිවිඩයක් යවමින් ඔහු දන්වා ඇති අතර, තමන්ගේ ධුර කාලය තුළ ලබා දුන් සහයෝගයට එහිදී ස්තූතිය පළ කර ඇත.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ සභාපතිවරයා අවසන් වරට ඉකුත් බදාදා (27) කාර්යාලයට පැමිණීමෙන් පසු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි. පසුගිය කාලසීමාව පුරා රජයේ ආයතන ප්‍රධානීන් දස දෙනෙකුට වැඩි පිරිසක් විවිධ හේතුන් මත මෙලෙස ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
















