එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඊකොසොක් (ECOSOC) ශාලාවේදී පැවැත්වුණු 27 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් වීඩියෝ පණිවුඩයක් මගින් නිල දේශනය පවත්වන ලදී.
පූජ්‍ය භික්ෂු පඤ්ඤාකාර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, විවිධ රටවල නිත්‍ය නියෝජිතවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පසුගියදා පැවැත්විණි. බුදු දහමේ උත්තරීතර ඉගැන්වීම් ලොව පුරා පතුරුවා හැරීම සහ සාමකාමී සහජීවනය උදෙසා වෙසක් උත්සවයේ ඇති වැදගත්කම අමාත්‍යවරයා එහිදී සිය දේශනය තුළින් අවධාරණය කළේය.
















