නව තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ වැඩපිළිවෙල යටතේ, ලොකු ලූණු බීජ නිෂ්පාදන ව්‍යාපෘතියක් නාච්චාදූව ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ‘පුනරුදයට අරුණැල්ල’ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරේ.
ජපන් රජයේ ආධාර යටතේ ජයිකා (JICA) ආයතනයේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත. අඩු ඉඩම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සහ ගොවීන් වෙත උසස් ප්‍රමිතියෙන් යුත් බීජ ලබා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ. මෙම අවස්ථාව සඳහා ජයිකා ජ්‍යෙෂ්ඨ නේවාසික නියෝජිත මිනොරු මටිසුනෝෂිටා මහතා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















