ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී බව පවසමින් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) අවසන් කරන ලදී.
පෙත්සම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ වාචික දේශන අවසන් කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය දැනුම් දෙන ලදී. ඒ අනුව අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීමට අධිකරණය පියවර ගත්තේය.
අදාළ නීතිමය ක්‍රියාමාර්ග සහ තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
















