යුද ගැටුම් පැවති සමයේ ආරක්ෂක හේතූන් මත පවරාගත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉඩම් නැවත මුල් අයිතිකරුවන් වෙත පවරාදීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව පැවැත්වුණේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේදීය.
ගුවන් හමුදාව හා යුධ හමුදාව විසින් මෙතෙක් මහජනයාට ලබාදී නොමැති චීන වරාය කරමලයුත්තු ප්‍රදේශයේ ඉඩම් නැවත ලබාදීම සාකච්ඡාවට ලක් විය. නාවික හමුදාව විසින් වසා දමා ඇති නිලාවේලි ගෝපාලපුරම් මාර්ගය පිළිබඳව අවධානය යොමු කෙරිණි. නිලාවේලි ඉක්බාල් නගර් ප්‍රදේශයේ නාවික හමුදාව මගින් පවරාගෙන ඇති ඉඩම් නැවත ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර, ආරක්ෂක අංශ බලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.
















