බටහිර ආසියානු සාම ක්‍රියාවලියේදී තම රට පාකිස්ථානය කෙරෙහි විශ්වාසයක් නොතබන බව ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් ප්‍රකාශ කර තිබේ. පාකිස්ථානය වරින් වර යුදෙව් විරෝධී ප්‍රකාශ සිදු කරන බවටත්, ඊශ්‍රායලයට කලාපය තුළ පැවැත්මට ඇති අයිතිය පවා ප්‍රතික්ෂේප කරන බවටත් තානාපතිවරයා චෝදනා කරයි.
තානාපතිවරයා ප්‍රශ්න කර සිටියේ පකිස්ථානය ඒබ්‍රහම් ගිවිසුමට එක්වීමේ හැකියාවක් පවතින්නේ කෙසේද යන්නයි. ට්‍රම්ප් පරිපාලනයේ සහාය ඇතිව ඇමරිකාව සහ ඉරානය අතර සාමය ඇති කිරීම සඳහා පාකිස්ථානය මැදිහත් වීමට උත්සාහ කළ ද, දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් හේතුවෙන් පූර්ණ සාම ගිවිසුමකට එළඹීමට ඔවුන් මෙතෙක් සමත් වී නැත. නවදිල්ලියේ පැවති උත්සවයකදී අදහස් දැක්වූ තානාපති අසාර් ඉන්දියාව ප්‍රධාන ගෝලීය ආර්ථික බලවතෙකු ලෙස ඇගයූ අතර, ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේය. බටහිර ආසියාවේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් එල්ල වන ප්‍රහාර හමුවේ තම රට ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලය සතු අයිතිය ක්‍රියාවට නංවන බව ඔහු සඳහන් කළේය. හිස්බුල්ලා සංවිධානයට එරෙහිව පියවර ගැනීමට සහ ලෙබනන් භූමිය තුළ ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට ඉඩ නොදෙන ලෙස ලෙබනනයෙන් ඉල්ලා සිටින බව ද තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
















